සොෆීගේ කල්ලිය
Tuesday, 10 July 2018
Monday, 9 July 2018
සොෆී සොරාගත් ලිවුම්
" එන්න චිචිනා මෝටර් සයිකලේ රවුමක් යන්න..."
"චිචිනා" චේගේ භද්‍ර යෞවනයේ පෙම්වතියයි..
කෝර්ඩෝබාවේ විසූ ධනවත්ම පවුල් අතරින් මුල් පෙළෙහි වැජඹුණු පෙරෙයිරා පවුලේ දියණිය වූ මාරියා ඩෙල් කාමෙන් පෙරෙයිරා හෙවත් චිචිනා හට චේ විසින් ලියන ලද ලිපියකි.
"සදාදර චිචිනා"
ඔබට මා කෙතරම් ආලය කරන්නේ දැයි ඔබ හොඳින්ම දන්නවා.ඔබෙන් තොර ලොවක් ගැන මට දැන් සිතා ගන්නටත් බැරි තරම්.එහෙත් මිනිසුන්ගේ යහපත උදෙසා මවිසින් ඉටුකළ යුතු යුතුකම මා විසින් ඉටුකළ යුතුමයි.ඔබට ඇති අපමණ ආලය තරමටම මම මගේ අභ්‍යන්තර අරමුණු හා නිදහසද අගයන්නෙමි.එහෙයින් මා සමඟ විවාපත් වී මේ දීර්ඝ මෝටර් සයිකල් සවාරියෙහි යෙදෙන්නට ඔබට ආදරයෙන් ඇරයුම් කරමි.අපගේ ආලයේ නාමයෙන් ඔබ මගේ යෝජනාවට එකඟ වනු ඇතැයි මම උදක්ම බලාපොරෝත්තු වෙමි.
මුළු හදවතින්ම ආදරය ඔබට!
-අර්න්ස්ටෝ
චේගේ පෙම් හසුන්
"මගේ වස්තුවේ,
අද මා ඔබට ලියන්නේ ජපානයට පරමාණු බෝම්බය හෙලන ලද හිරෝෂිමාවේ සිටය.මෙහි ඇති සෙල් මුවා පුවරුවෙහි ඒ අවාසනාවන්ත සිදුනීමෙන් මිය ගිය 78000ක් දෙනෙකුගේ නම් සඳහන් වෙනවා.මිය ගිය මුළු සංඛ්‍යාව 180000ක් කැයි ගණන් බලා තිබෙනවා.
මේ ස්ථානය දැක බලාගත්තොත් හොඳයි.එවිට අපිට සාමය සඳහා වැඩි ශක්තියකින් යුතුව සටන් කළ හැකි වනු ඇති.
ලොකු හාදු වැස්සක් ඔබට!
චේ"
"ඇලිඩාච්චියේ,
අවසාන පියවරේදි මා ඔබ වෙත පිරිනැමූ ගෞරවනීය හාචුවේ සිට මේ මොහොත දක්වාම මම ඔබට අවංක වන්නට සමත් වූයෙමි.එහෙත් මෙහි සිටින පිටිසර මුවර් ජාතික ළඳුන් සැබැවින්ම ඉස්තරම්!
හාදු වැස්සක් ඔබට!
චේ"
ප්‍රේමණීය හැඟුමෙන් පිරි මොහොතක 1965 දී ඊජිප්තුවේ සිට චේ ඇලීඩා වෙත මෙසේ ලීවේය.
"මා ප්‍රිය ආර්යාවෙනි,
මේ දොර කවුළු තුළින් හුදෙකලාව පලායමින් ඔබේ හරිතවත් දිවයින සොයා ඇදෙයි.කෙදිනක හෝ අපේ දරු පැටවුන් ද සමඟ අතිනත් පටලවාගෙන අතීතයේ සේයාවන් සමරමින් ඇවිද යන්නට ඇත්නම්....
එය එසේ නොවේ නම් එය ඔබේ සිහිනයක්ව තිබුණාවේ.
ඉතා ගෞරවයෙන් මා ඔබේ දෑත් සිපගනිමි.
මේ ඔබේ
සිඟිති පෙම්වතා"
චේ සහ ඇලීඩා පළමුව බලාපොරොත්තු වූයේ පුතෙකි.ඔවුන්ගේ කුළුදුල් දියණිය උපන් ආරංචිය ලද සැණින් ඔහු චීනයේ ෂැංහයි නුවර සිට මෙලෙස ලියා තැපැල් පතක් ඇලීඩාට එවීය.
"මේ නගරයේ දී මා අපගේ අලුත්ම අත්පත් කරගැනීම හදුනාගත්තෙමි.
ඔබ සැම විටම ස්ථීරවම සිතන්නේ මා හොඳින් ආපසු නොඑනු ඇතැයි කියාය.හොඳයි.කෙසේවෙතත් මා ඔබ දෙදෙනාටම හාදුව බැගින් එවන්නම්.
මතක තබාගන්න කිසිවිටකත් ඉහිරුණු කිරට අඬන්නට එපා.
හාදු සමඟ චේ"
සෝවියට් දේශයේ කරන ලද සංචාරයක් අතරතුර චේ ඇලීඩාට එවන තැපැල් පතක මෙසේ තිබිණි.
"මගේ වස්තුවේ,
ස්ටැලින් ග්‍රාඩ් වෙත යන අවිවේකී ගමන අතරමග ඔබට ලියන්නට මා මේ මොහොත උදාකර ගත්තෙමි.
මේ නගරයේ දී යමෙකුට අහම්බෙන් වුවත් ඉතිහාසයේ මහා වීර කාව්‍යයක් දැක බලා ගන්නට අවස්ථාව උදාවේ.තව දින දෙකකින් අපි චීනයට ළඟා වෙන්නෙමු.

Subscribe to:
Posts (Atom)