Tuesday, 26 June 2018

සොෆීගේ කවි



             


 ආරාධනා...!
බකමූණෝ...
පියඹා ගොස් පවසනවාද ඔවුනට
මා වචන පබඳමින් ආතුරව 
බේබද්දෙකු වූ බවට...
ආරාධනා කරන්න ඔවුනට
මාගේ බ්ලොග් පේජය කියවන ලෙසට..
පියඹා එන්න පෙර 
ඇසිල්ලක් ලදහොත්
රහසේම තෙපලන්න
එහි නම
"සොෆීගේ ලෝකය"
යන්නට...




                        උඹ

උබත් හරියට හිටපු ජනාධිපති වගේ..
බහුතර සිතුවිලි ජන්දෙන් හිතම පැරදිලත්
තවමත් සුළු ජාතීන්ගේ ජන්දයැයි කියමින්
හිතේ බලයේ රැදෙන්නයි ඕන...


           
                       නිදහස

මට ඕන වෙලාවට ඉර ඕෆ් කරලා
හඳ ඔන් කරගන්න පිළිවන්නම්
හඳ ඕෆ් කරලා ඉර ඔන් කරගන්න පිළිවන්නම්
සත්තයි
මම එහෙනම් ටිප් ස්විච් එකෙන්ම ඕෆ් කරලා දානවා...



                     ඇලීම
 

උබ පාප්ප බාල්දියක් වෙනකොට
මම ඒකට වැටුණු
පිළුණු මැස්සෙක් වෙන්නම්...



                 =ලිංගිකයා

හැමෝම ආප්ප එක්කලා ආප්ප කනකොට
කෙසෙල් ගෙඩි ඇති පදන්...



              සහලෝලා උණ

උබට උබව ලෙඩ වාට්ටුවක්නම්
මගේ ආදර ඉස්පිරිතාලෙම උබ බං...


             
           ඉනා පිරි හිනා

දඩබ්බර හීනයක්
හිතක් ළඟ දඟකරන
ඇත්තටම හිතළුවක් නුඹ නැවත එන වග
ඇස් අඟට දැවිල්ලක් නුබේ මතක ස්ටෝරුව
මේ හිතට ඉනාවක් නුඹේ ඒ හිනාවම...


        අහිමි

අහිමි බව දැන දැනත්
මේ සිත සිතන්නේ  නුඹ ගැනමයි...
කෙසේනම් තේරුම් කර දෙන්නද මේ සිතට
නුඹ මට අහිමි බව...


      64 මායම්

රැඩිකල් ගැහැණයක්  සොයා
සිතට තොන්ඩුව දැමුවෙමි
ප්‍රේමය රාගය වෙන ඇසකින් විඳිනු රිසින්..
ඈ වැඩිකල් නොගොස් දරුවකු ප්‍රසූත කලාය..
මෙ වෙනස කුමක්දැයි
දිනක රතී සුවය විදින අතර
මා ඇගෙන් විමසුවෙමි
"සොඳුර ඒ 64 මායමෙන් එකකි.නුඹ එයට හසු වූ ගැටයකි"
ඇය පැවසුවේය..

      තාත්තා

තාත්තා ගැන කොහෙන් පටන් අරන්
තාත්තලා ගැන කොහෙන් ඉවර කරන්නද මංදා..



           

No comments:

Post a Comment