Tuesday, 10 July 2018

Monday, 9 July 2018

සොෆී සොරාගත් ලිවුම්

       " එන්න චිචිනා මෝටර් සයිකලේ රවුමක් යන්න..."


"චිචිනා" චේගේ භද්‍ර යෞවනයේ පෙම්වතියයි..
කෝර්ඩෝබාවේ විසූ ධනවත්ම පවුල් අතරින් මුල් පෙළෙහි වැජඹුණු පෙරෙයිරා පවුලේ දියණිය වූ මාරියා ඩෙල් කාමෙන් පෙරෙයිරා හෙවත් චිචිනා හට චේ විසින් ලියන ලද ලිපියකි.

"සදාදර චිචිනා"
ඔබට මා කෙතරම් ආලය කරන්නේ දැයි ඔබ හොඳින්ම දන්නවා.ඔබෙන් තොර ලොවක් ගැන මට දැන් සිතා ගන්නටත් බැරි තරම්.එහෙත් මිනිසුන්ගේ යහපත උදෙසා මවිසින් ඉටුකළ යුතු යුතුකම මා විසින් ඉටුකළ යුතුමයි.ඔබට ඇති අපමණ ආලය තරමටම මම මගේ අභ්‍යන්තර අරමුණු හා නිදහසද අගයන්නෙමි.එහෙයින් මා සමඟ විවාපත් වී මේ දීර්ඝ මෝටර් සයිකල් සවාරියෙහි යෙදෙන්නට ඔබට ආදරයෙන් ඇරයුම් කරමි.අපගේ ආලයේ නාමයෙන් ඔබ මගේ යෝජනාවට එකඟ වනු ඇතැයි මම උදක්ම බලාපොරෝත්තු වෙමි.

මුළු හදවතින්ම ආදරය ඔබට!
-අර්න්ස්ටෝ




චේගේ පෙම් හසුන්

"මගේ වස්තුවේ,
අද මා ඔබට ලියන්නේ ජපානයට පරමාණු බෝම්බය හෙලන ලද හිරෝෂිමාවේ සිටය.මෙහි ඇති සෙල් මුවා පුවරුවෙහි ඒ අවාසනාවන්ත සිදුනීමෙන් මිය ගිය 78000ක් දෙනෙකුගේ නම් සඳහන් වෙනවා.මිය ගිය මුළු සංඛ්‍යාව 180000ක් කැයි ගණන් බලා තිබෙනවා.
මේ ස්ථානය දැක බලාගත්තොත් හොඳයි.එවිට අපිට සාමය සඳහා වැඩි ශක්තියකින් යුතුව සටන් කළ හැකි වනු ඇති.

ලොකු හාදු වැස්සක් ඔබට!
චේ"





"ඇලිඩාච්චියේ,
අවසාන පියවරේදි මා ඔබ වෙත පිරිනැමූ ගෞරවනීය හාචුවේ සිට මේ මොහොත දක්වාම මම ඔබට අවංක වන්නට සමත් වූයෙමි.එහෙත් මෙහි සිටින පිටිසර මුවර් ජාතික ළඳුන් සැබැවින්ම ඉස්තරම්!
හාදු වැස්සක් ඔබට!
  චේ"





⁣ප්‍රේමණීය හැඟුමෙන් පිරි මොහොතක 1965 දී ඊජිප්තුවේ සිට ⁣චේ ඇලීඩා වෙත මෙසේ ලීවේය.

"මා ප්‍රිය ආර්යාවෙනි,
මේ දොර කවුළු⁣ තුළින් හුදෙකලාව පලායමින් ඔබේ හරිතවත් දිවයින සොයා ඇදෙයි.කෙදිනක හෝ අපේ දරු පැටවුන් ද සමඟ අතිනත් පටලවාගෙන අතීතයේ සේයාවන් සමරමින් ඇවිද යන්නට ඇත්නම්....
එය එසේ නොවේ නම් එය ඔබේ සිහිනයක්ව තිබුණාවේ.
ඉතා ගෞරවයෙන් මා ඔබේ දෑත් සිපගනිමි.
මේ ඔබේ
  සිඟිති පෙම්වතා"



චේ සහ ඇලීඩා පළමුව බලාපොරොත්තු වූයේ පුතෙකි.ඔවුන්ගේ කුළුදුල් දියණිය උපන් ආරංචිය ලද සැණින් ඔහු චීනයේ ෂැංහයි නුවර සිට මෙලෙස ලියා තැපැල් පතක් ඇලීඩාට එවීය.

"මේ නගරයේ දී මා අපගේ අලුත්ම අත්පත් කරගැනීම හදුනාගත්තෙමි.
ඔබ සැම විටම ස්ථීරවම සිතන්නේ මා හොඳින් ආපසු නොඑනු ඇතැයි කියාය.හොඳයි.කෙසේවෙතත් මා ඔබ දෙදෙනාටම හාදුව බැගින් එවන්නම්.
මතක තබාගන්න කිසිවිටකත් ඉහිරුණු කිරට අඬන්නට එපා.
   
       හාදු සමඟ චේ"





සෝවියට් දේශයේ කරන ලද සංචාරයක් අතරතුර චේ ඇලීඩාට එවන තැපැල් පතක මෙසේ තිබිණි.

"මගේ වස්තුවේ,
ස්ටැලින් ග්‍රාඩ් වෙත යන අවිවේකී ගමන අතරමග ඔබට ලියන්නට මා මේ මොහොත උදාකර ගත්තෙමි.
මේ නගරයේ දී යමෙකුට අහම්බෙන් වුවත් ඉතිහාසයේ මහා වීර කාව්‍යයක් දැක බලා ගන්නට අවස්ථාව උදාවේ.තව දින දෙකකින් අපි චීනයට ළඟා වෙන්නෙමු.

                හාදු සමඟ චේ"

Wednesday, 27 June 2018

සොෆීගේ කතන්දර

                     
                        මේ මොහොත වෙනස් වෙනවා

ඔන්න සශ්‍රිකත්වයෙන් සපිරුණ රටක හරිම ගුණ යහපත් රජ කෙනෙක් හිටියලු.මේ රජතුමාට කිසිම අඩුපාඩුවක් තිබුණේ නෑලු.ලෝකෙන්ම තියෙන සශ්‍රිකම රට මේ රජතුමාගේ.දක්ෂම යුධ සෙබළුන් ඉන්නෙත් මේ රජතුමාට.ඒ විතරක් නෙවෙයි ලස්සනම රැජිණ ඉන්නෙත් මේ රජතුමාට.සියළුම සම්පත් වලින් සපිරි මේ රජතුමාට එක දවසක් ප්‍රශ්ණයක් මතුඋනාලු.ඒ තමයි මේ හැමදේම රජතුමාට නැති උනොත් මොකද කරන්නේ කියලා.ඉතිං මේ රජතුමා මේකට පිළිතුරක් දස අතේ කල්පනා කරාලු.හිතලා හිතලා බැරිම තැන රජතුමා අනික් අයගෙන් උත්තර විමසුවාලු.රටේ නන් දෙසින් පැමිණි පුද්ගලයන් විවිධ පිළිතුරු සැපයුවත් මේ එකකින්වත් රජතුමා සෑහිමක පත් උනේනම් නෑ.ඔහොම ඉන්නකොට එක මහළු මිනිහෙක් ඇවිදින් රජතුමාට පිළිතුරන් දුන්නලු.ඒ පිළිතුර ඔහු රජතුමාට දුන්නේ කොළ කෑල්ලක ලියලා තුනට හතරට නවලා.ඒක දීපු මහල්ලා රජතමාට කිවුවලු "රජතුමනි මේ තමයි ඔබ තුමාගේ පැනයට නිවැරදිම පිළිතුර.ඒත් රජතුමනි මේ කොළය දිගහැරලා බලන්න ඕන රජතුමාට කවදාහරි ඒ ප්‍රශ්ණය මතු උනොත් විතරයි.ඊට කලින් මේක බැලුවොත් මේ පිළිතුරේ බල බිඳෙනවා.ඒ වගේම මේ කොළය නිතරම රජතුමාගේ රාජකීය ඇදුමෙම සගවලා තියාගන්න කියලා."ඉතිං රජතුමා මහල්ලා කියපු විදියටම කලාලු.ටික කාලයක් යනකොට නොසීතූ මොහොතක මේ රටට වෙනත් රටකින් යුධ සේනාවක් ඇවිත් යුද්ධ කරලා මේ රට අත්පත් කරගත්තලු.ඉතිං මේ රජතුමා පිළිවන් උනේ රජ මාළිගාවේ පිටුපස දොරින් පැනලා යන්න විතරයි.රජතුමා ගිහින් නතර උනේ කැළෑවක.දැන් රජතුමාට මාළිගාව,රට,ලස්සන බිසව,සියළු සම්පත් මේ සියල්ලම අහිමියි.රජතුමා කල්පනා කර කර ඉන්නකොට රජතුමාට මතක් උනාලු මහල්ලා රජතුමාට දීපු අර කොළ කෑල්ල.රජතුමා මේ කොළය දිගහැරලා බැලුවලු.ඒ කොළයේ ලියලා තිබුණලු"මේ මොහොත වෙනස් වෙනවා"කියලා.රජතුමාට මේක කියවලා ලොකු ශක්තියක් ඇති උනා.මේ කැලේට දර කපන්න ආපු මනුස්සයෙක් එක්ක එයාගේ ගමට ගියපු රජතුමා නැවතත් යුධ සේනාව රැස් කරගෙන යුධ වැදී තමන්ගේ රට අත්පත් කරගත්තලු.දැන් මේ රජතුමාට නැවතත් තිබුණු සියළුම සැප සම්පත් තියෙනවා.හරිම සතුටින් සිංහාසනයේ වාඩි වෙලා ඉන්න රජතුමා තමන්ගේ රාජකීය ඇදුමේ සගවාලා තියෙන මහල්ලා දීපු කොළය නැවතත් දිග හැරලා බලනවා."මේ මොහොත වෙනස් වෙනවා"රජතුමා දැඩි අධිශ්ඨානයෙන් යුක්තව ඉදිරි හැම මොහොතක්ම ගත් කරනවා..


                                  සමනල් හැඟුම්

ඔන්න හරි ආදරෙන් හිටපු සමනලයෙකුයි සමනළියකුයි හිටියලු.හැමදාම ආදරෙන් හිටපු සමනල්ලු දෙන්නට එක දවසක් ප්‍රශ්ණයක් මතු උනාලු මේ දෙන්නාගෙන් වැඩිපුරම ආදේ කරන්නේ කවුද කියලා.ඉතිං වැඩිපුරම ආදරේ කරන කෙනාව හදුන ගන්න මේ දෙන්නා පොඩි වැඩක් කරාලු.ලස්සනම ලස්සන  මලක් ගාව ආදරෙන් හිටපු සමනල්ජෝඩුව පහුවදා උදේ මුලින්ම ඒ මල ලගට එන කෙනා වැඩිපුරම ආදේ කරන කෙනා විදියට පිලිගන්න සූදානම් උනාලු.හවස් වෙද්දි පිටවෙලා ගිහින් මල ගාවට මුලින්ම ආේ සමනලයලු.සමනලයා මල ගාවට එනකොට මල පිපිලාවත් තිබුන් නෑලු.සමනලයා හරි ආඩම්බරෙන් ඉන්නවාලු සමනලී එනකම්.සමනලී තාමත් නෑ.ඉර පායලා ඉර එළියට මල පිපෙන්නත් පටන්ගත්තා ඔන්න.පිපෙන මලේ පෙත්තක් උඩ වහපු සමනලයට දකින්න පුලුවන් උනේ මල ඇතුලට වෙලා ජීවිතෙන් සමු අරන් ඉන්න සමනලීව.සමනලයට ගොඩාක් දුක හිතෙනවා සමනලීව එහෙම දැකලා.සමනලී එයාගෙ ආදරය ඔප්පු කරන්න මල ලගටම වෙලා ඉදලා.හවසට මම ඇකිලෙනකොට සමනලී මල ඇතුලෙම මිය ගිහින්.ඉතිං දැන් තියෙන ප්‍රශ්ණේ කවුද වැඩිපුර ආදරය කලෙ කියලා නේද.සමනලී කියලා කෙනෙක් කියයි.සමනලයා කියලා තව කෙනක් කියයි.ඒත් මම කියනවා ආදරය කියන්නෙ හදවතින් කරන දෙයක් නෙවෙයි.ආදරය කරන්න ඕන මොළෙන්..

                               
                                   අයිස් ක්‍රීම්     



                       
ඔන්න එක පුංචි ළමයෙක් දවසක් අයිස්ක්‍රීම් කඩයකට යනවලු .ගිහින් මේසෙයක වාඩි වෙන මේ පුංචි ළමයා ගාවට එන වේටර්වරියගෙන් ලමයා අහනවලු සන්ඩී අයිස්ක්‍රීම් එකක මිල.එය රුපියල් විසිපහක් බව වේටර්වරිය සුහදත්වයකින් තොරව උත්තර දෙනවා.ළමයා එයාේ සාක්කුේ තියන කාසි ටික ගණං කරනවා.වේටර්වරිය දෙස බලන ලමයා සාමාන්‍ය අයිස්ක්‍රීම් එකක මිල නැවත විමසනවා.එය රුපියල් විස්සක් බව නැවතත් කිසිදු සුහදත්වයක් නැතිව වේටර්වරිය පවසනවා.ලමයා නැවතත් තමා ලග ඇති කාසි ගණන් කරනවා."මට සාමාන්‍ය අයිස්ක්‍රීම් එකක් දෙන්න"ලමයා පවසනවා.කට කොනින් ලමයාට හිනාවෙමින් වේටර්වරිය ලමයා හට එය ලබා දී ඒ අවට ඇති මේස පිසදමමින් සිටින්නේ ලමයා ගැන කිසිදු අවධානයකින් තොරව.ටික වේලාවක් ගතවූ පසු ලමයා පිට වී යන අත⁣ර වේටර්වරිය පැමිණ ලමයා සිටි මේසය පිස දමනවා.ලමයා මුදල් බහාලනය තුල රුපියල් විසිපහක් තබා ගොස් ඇති බව දකින වේටර්වරිය කදුළු සලන්නට පටන් ගන්නවා.තමා සතයකට ගණන් නොගත් ලමයා තමාට ටිප් එක ලබාදීමට අවශ්‍ය නිසා සාමාන්‍ය අයිස්ක්‍රීම් එකක් කෑ බව වටහාගන්නා විට ලමයා එතැනින් පිට වී හමාරය.පාරිභෝගික සේවය වයස් බේදයකින,පුද්ගල බේදයකින් තොරව සිදු කල යුතුය..

Tuesday, 26 June 2018

සොෆීගේ කවි



             


 ආරාධනා...!
බකමූණෝ...
පියඹා ගොස් පවසනවාද ඔවුනට
මා වචන පබඳමින් ආතුරව 
බේබද්දෙකු වූ බවට...
ආරාධනා කරන්න ඔවුනට
මාගේ බ්ලොග් පේජය කියවන ලෙසට..
පියඹා එන්න පෙර 
ඇසිල්ලක් ලදහොත්
රහසේම තෙපලන්න
එහි නම
"සොෆීගේ ලෝකය"
යන්නට...




                        උඹ

උබත් හරියට හිටපු ජනාධිපති වගේ..
බහුතර සිතුවිලි ජන්දෙන් හිතම පැරදිලත්
තවමත් සුළු ජාතීන්ගේ ජන්දයැයි කියමින්
හිතේ බලයේ රැදෙන්නයි ඕන...


           
                       නිදහස

මට ඕන වෙලාවට ඉර ඕෆ් කරලා
හඳ ඔන් කරගන්න පිළිවන්නම්
හඳ ඕෆ් කරලා ඉර ඔන් කරගන්න පිළිවන්නම්
සත්තයි
මම එහෙනම් ටිප් ස්විච් එකෙන්ම ඕෆ් කරලා දානවා...



                     ඇලීම
 

උබ පාප්ප බාල්දියක් වෙනකොට
මම ඒකට වැටුණු
පිළුණු මැස්සෙක් වෙන්නම්...



                 =ලිංගිකයා

හැමෝම ආප්ප එක්කලා ආප්ප කනකොට
කෙසෙල් ගෙඩි ඇති පදන්...



              සහලෝලා උණ

උබට උබව ලෙඩ වාට්ටුවක්නම්
මගේ ආදර ඉස්පිරිතාලෙම උබ බං...


             
           ඉනා පිරි හිනා

දඩබ්බර හීනයක්
හිතක් ළඟ දඟකරන
ඇත්තටම හිතළුවක් නුඹ නැවත එන වග
ඇස් අඟට දැවිල්ලක් නුබේ මතක ස්ටෝරුව
මේ හිතට ඉනාවක් නුඹේ ඒ හිනාවම...


        අහිමි

අහිමි බව දැන දැනත්
මේ සිත සිතන්නේ  නුඹ ගැනමයි...
කෙසේනම් තේරුම් කර දෙන්නද මේ සිතට
නුඹ මට අහිමි බව...


      64 මායම්

රැඩිකල් ගැහැණයක්  සොයා
සිතට තොන්ඩුව දැමුවෙමි
ප්‍රේමය රාගය වෙන ඇසකින් විඳිනු රිසින්..
ඈ වැඩිකල් නොගොස් දරුවකු ප්‍රසූත කලාය..
මෙ වෙනස කුමක්දැයි
දිනක රතී සුවය විදින අතර
මා ඇගෙන් විමසුවෙමි
"සොඳුර ඒ 64 මායමෙන් එකකි.නුඹ එයට හසු වූ ගැටයකි"
ඇය පැවසුවේය..

      තාත්තා

තාත්තා ගැන කොහෙන් පටන් අරන්
තාත්තලා ගැන කොහෙන් ඉවර කරන්නද මංදා..